BREAKING NEWS
Search

කොළයක් නොබලා කතා කලා – මට ජනපති ගැන සතුටුයි

356

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ආණ්ඩුවට යන්න තිබෙන ගමන විල්ලු ද පලසක් මත නොවේ.ඉතාම දුෂ්කර මාර්ගයක් මේ ආණ්ඩුවට තිබෙනවා.ආණ්ඩුවක් අරගෙන මාස තුනකින් ආණ්ඩුවේ ගුණ අගුණ හොයන්නත් බෑ. වසරක් ,දෙකක් ගත විය යුතුයි.

සැබෑ විපක්ෂයක භූමිකාව රඟ දක්වන්න මා බලාපොරොත්තු වෙනවා.ආණ්ඩුව කරන හැම හොඳ වැඩේටම විපක්ෂය විරුද්ධ වුණා.අප ඒ සම්ප්‍රදායෙන් දැන් එළියට යා යුතුයි.

වෙනස් විදියට හිතන්න විපක්ෂය ලෙස අප ලෑස්තියි .හැබැයි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි යනුවෙන්ද රෝහිත අබේගුණවර්ධන මහතා කීය.

වෙනත් පුවත්

ජනපති කොල නොබලා කතා කළ හැටි අගමැතිනිය කියයි

ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුනේ කොහොමද?ඒ අප සැම එකතු වී අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූහික ප්‍රතිපත්තියයි.මෙය අප එක රැයකින් කළ දෙයක් නොවේ. කාලයක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවර ප්‍රතිපත්තියක් අප එලෙස ඉදිරිපත් කළා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:-

මේ ඓතිහාසයක වරමක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. ජනතාව විසින් සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා.අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ජනතාව අවධාරණය කර තිබෙනවා මේ පණිවිඩය අප හරියට තේරුම් ගත යුතුයි.

කාලයක් තිස්සේ අපේ රටේ ආණ්ඩුකරණය දැඩි පිරිහීමට ලක්ව තිබුණා.ඒ මගින් බලය අනිසි ලෙස පාවිච්චි වුණා. දූෂණය වැඩි වුණා.එවැනි දූෂිත දේශපාලන සංස්කෘතිය ජනතාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයන් ජනතාව විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.එමෙන්ම අපේ රටේ ජනතාවක් මේ දේශපාලන ක්‍රමයෙන් ඉවත් වෙන්නට පටන් ගත්තා.

ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන නොව බලය අවභාවිත කරන දේශපාලන සංස්කෘතියයි යනුවෙන්ද අගමැතිවරිය පැවසුවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *