BREAKING NEWS
Search

අපි මේ කිසිවෙකු අතහරින්නේ නැහැ – පාසැල් සිසුන්ට විශේෂ දීමනාවක්

370

අඩු ආදායම්ලාභී  අසරණ පවුල්වල  දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට  හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී  ලබාදීමට කැබිනට් මණ්ඩලය  තීරණය කර ඇතැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද  (3) පැවසීය.

අස්වැසුම  හිමි පවුල්වල දරුවන්ට. මවුපියන් අහිමි දරුවන්ට මව හෝ පියා ආබාධිතව සිටින පවුල්වල දරුවන්ට   ළමා නිවාසවල සිටින  දරුවන්ට  සහ  විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව සිටින දරුවන්ට මෙම දීමනාව  දෙන බවද ඔහු සඳහන් කළේය.

“අපි මේ කිසිවෙකු අතහරින්නේ නැහැ” යැයිද  හෙතෙම කීවේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.

1994 සිට මේ දක්වා බඳවාගෙන අවිධිමත් ආකාරයට තැන් තැන්වල රඳවා සිටින සියලුම උපාධිධාරින් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මේ රජය කටයුතු කරන බවද ඔහු කීවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *