BREAKING NEWS
Search

හෙට 9.30 වෙනකන් සිදු වෙන්න යන දේ

476

හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට ප.ව 5.30 සිට  ප.ව 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.

කථානායක අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී රැස්වූහ.

වෙනත් පුවත්

රනිල්ගේ ගිවිසුමේ අහිතකර දේ ඉවත් කරන්න සහයෝගය දෙනවා’

අනුර ජනාධිපති  කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ගිවිසුමේ මහජනතාවට අහිතකර දේ ඉවත් කර ගැනීමට  සහයෝගය ලබා දෙන්නට සූදානම් බව ද විපක්ෂ නායකවරයා කීය.

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

රටට හොඳ වැඩසටහන් වලට සම්පූර්ණ  සහයෝගය ලබාදෙන අතර රටට අහිතකර වැඩ සඳහා අප විරෝධය  පළ කරන බව කිව යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව අසන්නට ලැබුණා.නමුත් එය උපයෝගී කරගෙන මේ වන විට පුරවැසි නිදහස අහිමි කර තිබෙනවා. එම පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණද? ඔබ ආණ්ඩුවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල සහයෝගයක් ලැබුණා. නමුත් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *