රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුලත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දැනට වාහන ආනයනයේදී පනවා ඇති රජයේ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටද ක්‍රියාත්මක කිරීම හෝ ඉතා සුළු සංශෝධනයන් සිදු කිරීමට නියමිතව ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
එමෙන්ම වාහන ආනයනය කිරීම හරහා රජයට බදු ආදායම් උත්පාදනය කර ගැනීමද රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි.
නමුත් විදේශ සංචිත සඳහා දැඩි පීඩනයක් ඇති නොවන පරිදි ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීම නියාමනයකට යටත්ව කටයුතු කිරීමට නියමිත බව සඳහන්.
ජපානයේ නිෂ්පාදිත වාහනයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන්නේ එරටදී නිෂ්පාදකයාගේ මිල මෙන් තුන් ගුණයක පමණ ආසන්න මිලකට වන අතර ඉතිරි සියලු මුදල් නැවූ ගාස්තු, ආනයනකරුගේ ලාභය හැරැනු විට රජයේ බදු ලෙස අය කරයි.

















