BREAKING NEWS
Search

බිළිදකුගේ පාදයක් සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිහින්

446

හලාවත මුහුදු තීරයේදී ඊයේ (2) සුනඛයෙකු ඇදගෙන ගිය කුඩා දරුවකුගේ පාදයක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මාස හයක පමණ වන කුඩා දරුවෙකුට අයත් පාදයක් සුනඛයෙකු මුහුදු තීරයේ ඇදගෙන යමින් තිබියදී පොලිසියට ලද තොරතුරක් මත හලාවත පොලිසිය නිලධාරින් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇත.

හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

වීසා නැතිව ලංකාවේ සිටි විදේශිකයෝ 8ක් අත්අඩංගුවට

ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා නොමැතිව නුවරඑලිය දේවස්ථානයක රැදි සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

නුවරඑලිය පොලිසියට ලද තොරතුරක් මත එම පල්ලියට ගොස් ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කර බැලිමේදි ඔවුන් සංචාරක වීසා මත මිට මාස දෙකකට ප්‍රථම දිවයිනට පැමිණ ඇති බව හෙළිව තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔවුන් සන්තකයේ ගුවන් ගමන් බලපත්‍රය හෝ වීසා නොතිබුණු බවත්, වීසා කල් ඉකුත් වි ඇති නිසා වීසා අලුත් කිරිමට සියළු ලියකියවිලි මෙරට තම තනාපති කාර්යාලය වෙත භාරදුන් බව සැකකරුවන් පවසා සිටි බව පොලිස් නිලධාරින් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා නුවරඑලිය ප්‍රදේශයට පැමිණිමට ප්‍රථම හැටන් සහ නාවලපිටිය ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.

අවු 25-65 අතර වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් සමග තවත් 191 දෙනෙකු මෙරට පැමිණ ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය සදහා යොමු වි ඇති බවට සැකකරුවන් පවසා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *