BREAKING NEWS
Search

ප්‍රශ්නගත ශිෂ්‍යත්ව ප්‍රශ්නවලට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. – කැබිනට්ටුව තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.

600

අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කළින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවයි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටි අතර අනතුරුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වැනිදා පැවැත්වීමටද නියෝග කරනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *