BREAKING NEWS
Search

උසස් පෙළ විභාගය අවසන් වූ ගමන් රට පුරා පවත්වන දෙයක් ගැන දැනුම්දීමක්

592

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බවයි.

එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත් නොකිරීමට තීරණය කර ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විභාගය පැවැත්වීම ද දින කිහිපයකට කල් දැමුණු අතර එම කටයුතු මෙම සතියේ දී යළි ආරම්භ වීමට නියමිතව ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.

හෙට පස්වරුවේ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නාමයෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ද නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

දැනට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින් පක්ෂ මාරුවීම, ඇතැම් පුද්ගලයින් විදෙස්ගත වීම හා තවත් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කර තිබු නාමයෝජනා අවලංගු කිරීම දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව ද සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *