BREAKING NEWS
Search

අල , ⁣ළුෑණු මිල ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

19932

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ ⁣වෙළඳ භාණ්ඩ බද්ද රු:60 ක් ලෙස එලෙසින්ම පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

එමෙන්ම ලොකු ⁣ළුෑණු බද්ද රු:30 සිට 10 දක්වා අඩු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

එම නියමය 2024 නොවැම්බර් මස 30 දිනැති අංක 2412/38 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇති අතර, එම ගැසට් නිවේදනයේ සඳහන් නියමයන් 2024 දෙසැම්බර් මස 01 වන දින සිට 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාන්මකට පවතින බව සඳහන්.

ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇති වන පරිදි, කෙටිකාලින පියවරක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම 2024 නොවැම්බර් මස 30 වන දිනයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය අවසන් වන, අර්තාපල් සඳහා දැනට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ නියමය එලෙසම 2024 දෙසැම්බර් මස 31 දින දක්වා පවත්වාගෙන යාමටත්, ලොකු ළූණු සදහා පැවති රුපියල් 30 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා අඩු කර 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාත්මක කිරීමටත්, ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඒ සඳහා සුදුසු නීතිමය විධිවිධාන යටතේ කටයුතු කිරීමටන් පියවර ගනු ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *