රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මෙරට තුළ ව්‍යාප්තව ඇති අප්‍රිකානු සුකර උණ රෝගය හේතුවෙන් ගොවිපල හිමියන් 100,000කට වැඩි සංඛ්‍යාවක් අසරණ වී ඇති බැවින් ඔවුන්ගේ ජීවන තත්වය නගාසිටුවීම සඳහා රජයෙන් සහනාධාරයක් අවශ්‍ය බව බෙහෝ පිරිස් ප්‍රකාශ කළා.
අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ස්වසන සහලක්ෂණ රෝගය ශ්‍රී ලංකාවෙන් පළමු වරට වාර්තා වී තිබුණේ 2023 වසරේදීයි.
ගම්පහ දිස්ත්‍රික්කය හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් රෝගය වාර්තා වූ අතර දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨා අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවධානම් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය බලධාරීන් ඉකුත් ඔක්තෝබර් 25 දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඒ මාස 03ක කාලයකට බල පැවැත්වෙන පරිදි ඌරන් , උරු මස් , එම නිශ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාධිත හෝ අවධානම් ප්‍රදේශවලින් පිටතට රැගෙනයාම තහනම් කරමින්.
කළුතර ප්‍රදේශයේ සූකර ගොවිපලවල් වැසීයාමේ තත්වයකට පත්ව ඇති බැවින් ඔවුන්ට සහනයක් ලබා දෙන ලෙස සාලින්ද ජූඩ් පියතුමන්ද රජයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, සත්ත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා සදහන් කළේ, සූකරයින් ඇති කරන ගොවිපල හිමියන් 100,000කට වැඩි පිරිසක් මෙම තත්ත්වය හමුවේ අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින් රජයෙන් සහනාධාරයක් හිමිවියුතු බවයි.
මේ අතර, පසුගිය දිනවල මෙරටින් වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගය යමි මට්ටමකින් මේ වන විට පාලනය කර ඇති බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි සදහන් කළේ, රෝගය වැළදී නොමැති ගොවිපලවල සතුන්ගේ මස් නිවැරදි ක්‍රමවේදය යටතේ මිනිස් පාරිභෝජනයට යොදා ගැනීමට පියවර ගත යුතු බවයි.




















