ලොක්කන්ගේ හොරකම් නිසා හමුදාවේ ප්‍රශ්න

266
ඉහළ පෙළේ නිලධාරීන්ට එල්ල වන දූෂණ හා වංචා චෝදනා හේතුවෙන් චීන හමුදාව තුළ බරපතල අර්බුධයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු පියවරක් ලෙස, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන අද්මිරාල් මියාඕ හුවා දූෂණ චෝදන එල්ල වීම හේතුවෙන් සේවය අත්හිටුවීම සහ විමර්ශනය කිරීම ආරම්භ කර ඇතැයි චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම ක්‍රියාව, ජනාධිපති ෂී ජින්පිං විසින් හමුදාව තුළ පවතින දූෂණ මැඩලීමේ කොටසක් බව ද අමාත්‍යංශය පවසන බවත් එම මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

මධ්‍යම හමුදා කොමිසමේ සාමාජිකයෙකු සහ එහි දේශපාලන වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු වන Miao, 1990 ගණන්වල සහ 2000 ගණන්වල මුල් භාගයේදී ජනාධිපති ෂී සමඟ ෆූජියෑන් පළාතේ සේවය කර ඇත්තේ ඔහුගේ සමීප සගයෙකු ලෙසයි.

Miao පිළිබඳ විමර්ශනය චීනයේ ආරක්ෂක අමාත්‍ය දොන් ජන් (Dong Jun) ට එරෙහිව සමාන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවලින් පසුව, ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම වාර්තා අසත්‍ය බව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර පසුගිය වසරේ සිට, චීනයේ මිසයිල වැඩසටහන් හසුරුවන රොකට් බලකාය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරමින්, මහජන විමුක්ති හමුදාවේ දූෂණ තුරන් කිරීමේ උත්සාහයන් ජනාධිපති ෂී ජින්පින් විසින් තීව්‍ර කර තිබෙනවා.

හිටපු ආරක්ෂක අමාත්‍යවරුන් වන ලී ෂන්ග්ෆු (Li Shangfu) සහ වෙයි ෆෙන්ග්හෙ (Wei Fenghe) ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු ඉවත් කිරීමට මෙම මෙහෙයුම හේතු වී තිබුණා.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *