BREAKING NEWS
Search

පොස්පේට් සමාගමට පැන යකා නැටූ චාමර සම්පත්ගෙන් ලක්ෂ 500ක් ඉල්ලයි

566

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එප්පාවල පොස්පෙට් සමාගම් පරිශ්‍රය තුළ පසුගිය වර්ශයේ (2023/07/17) නිරීක්ෂණ චාරිකාවකදී අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් එප්පාවල පොස්පෙට් සමාගමහි සැපයුම් නිලධාරී ලෙස කටයුතු කළ S .A අබේසිරි නැමැති පුද්ගලයාට අමාත්‍යවරයාගේ හිතවත් සේවකයෙකු ලවා පහරදී තර්ජනය කර අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා විසින් රුපියල් ලක්ෂ 500 වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා විසින් මෙම නිලධාරියාව සේවයෙන් නෙරපා හරින ලෙස නියෝග කර ඇති අතර, එම සිද්ධිය මුද්‍රිත හා ශව්‍ය දෘශ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් ඔහුව අනීතික ලෙස වැඩ තහනමට ලක් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩ තහනමට ලක් වූ මෙම සැපයුම් නිලධාරී S.A. අබේසිරි යන අය විසින් එකී පහර දීම, තර්ජනය කිරීම, සැලසුම් සහගතව අසත්‍ය චෝදනාකර ප්‍රසිද්ධ මාධ්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කරමින් ආයතනයේ සේවකයින් හා නිලධාරීන් ඉදිරියේ පරිභව කිරීමෙන් රජයේ විධායක නිලධාරියෙකු වශයෙන් ඔහුගේ කීර්තිනාමයට සිදු කළ කළ අපහාසය සහ මෙම සිදුවීම මාලාව සියලු ප්‍රසිද්ධ මුද්‍රිත හා ශව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිමට කටයුතු හරහා ඔහුට සිදු කළ අපහාසය හා සිය ප්‍රතිරූපය සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ඔහු මෙසේ අත්තනගල්ල දිසා අධිකරණයේ වන්දි නඩුව පවරා තිබෙනවා.

ඒ අනුව අත්තනගල්ල දිසා අධිකරණය ඊයේ (29) දිනයේ මෙම නඩුව කැදවා ඇති අතර, එයට හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකද තම නීතීඥවරුන් මගින් අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

වගඋත්තකාර පාර්ෂවයන්ට 2025/01/15 දිනට පෙර පිළිතුරු බදින ලෙසත්, එදිනට ගරු අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත්, අත්තනගල්ල දිසා විනිසුරුතුමන් විසින් එහිදී නියෝග කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *