මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් සිලාවත්ත ප්රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සිය නිවස වැසි ජලයට යට වීමෙන් පසුව නිවසේ ජීවත් වීමට නොහැකි නිසා පුතාගේ නිවසට මහ වැස්සේම ගොස් තිබෙනවා.
ඒ යන අතර මගදී ඔහු වැස්සට තෙමීම නිසා ඇග වෙව්ලනට පටන් ගෙන ඇති අතර එම සීතලෙන් මිදීමට සිය පුතාගේ නිවස අසල ගිනි ගොඩක් ගසා ඇඟ උණුසුම් කර ගනිමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී ඔහු එම ගින්නට වැටී ඇති අතර මාංචෝලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

















