BREAKING NEWS
Search

රස්නෙට විසදුමක් සොයන්න ගිය පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට අන්තිමට සිදු වූ දේ

505

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

මීගමුව දළුපොත සිර කඳවුර පාර පදිංචි පුද්ගලයකුට අයත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනකු විසින් කුලී පදනම මත ලබාගෙන අස්ථානගත කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් සහ එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එම කාර් රථය අධිකරණයෙන් මුදා ගැනීමට පැමිණිල්ලිකරුගෙන් මෙම සැකකාර නිලධාරියා විසින් රුපියල් 270.000/= ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් ඉල්ලා ඇති අතර එම යන්ත්‍රයට අදාළ මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ඊට අදාළ රිසිට් පතර මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේදී සැකකාර නිලධාරියා වෙත ලබාදීමේදී එහි රැක සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *