BREAKING NEWS
Search

දුම්රිය නියාමක දුම්රිය නවත්වා වැසිකිලි දුවලා. දුම්රිය පෝළිමේ

191

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත්  පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ වැසිකිලි යෑමට සිදුවූ බැවින්, දුම්රිය 125 ක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

නියාමකවරයාට වැසිකිළි යෑමට සිදුවී ඇත්තේ දුම්රිය අතර මඟ නැවැතුම්පොළක නැවැත් වූ විටය. ඔහු වහා දුම්රිය නැවැතුම්පොළේ වැසිකිළියට දිව ගොස් ඇත. වැසිකිළියේ කටයුතු අවසන් කර ආපසු ඒමට ඔහුට මිනිත්තු 4 ක් සහ තත්ත්පර 16 ක් ගත වූ බව පැවැසෙයි.

සෝල් අගනුවර දුම්රිය ධාවනය මිනිත්තු කීපයකට වරක් නියමිත වේලාවට, එක පෙළට සිදුවෙයි. නියාමකවරයාගේ ප්‍රමාදය මෙන්ම ඔහුගේ දුම්රිය නවතා තිබීමේ ප්‍රමාදය හේතුවෙන්, පිටුපසින් එම දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු සෙසු දුම්රිය 125 ට බලපෑම් එල්ල විය. ඒවා එක පෙළට නවත්වා තැබුණි. මගීහු ද දැඩි ලෙස අපහසුතාවට පත්වූහ.

අවසානයේ වැසිකිළි යෑමට සිදුවුණු නියාමකවරයාගේ දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වූ බව ද පැවැසෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *