BREAKING NEWS
Search

අදියර තුනක් යටතේ ගෙන්වන වාහන සහ කාලවකවානු මෙන්න

77925

වාහන ආනයනයට යළි අවසර හිමි වීමේදී පළමු අදියර යටතේ බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමිවනු ඇති බව  ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා තවත් දින කිහිපයක් ඇතුළත මුදල් අමාත්‍යංශයේ අවසර හිමිවනු ඇති බවයි එහි සභාපති ඉන්දිය සම්පත් මෙරෙන්චිගේ මහතා පවසන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වාහන ආනයනයේ දෙවන සහ තුන්වන අදියර යටතේ මෝටර් රථ ගෙන්වීම ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය අතර කාලසීමාවේදී ආරම්භ වනු ඇති බවයි.

එමෙන්ම භාවිත කළ වාහන ආනයනයේදී දැනට පවතින සීමා ලිහිල් කර ගතහොත් රජයට වැඩි ආදායමක් ලබා ගැනීමට සහ විදේශ විනිමට ඉතිරි කර ගැනීමේ හැකියාවක් පවතින බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මෙහිදී අවධාරණය කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *