මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙටට යෙදී තිබෙන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල රුපියල් පනහකින්(50) අඩු කරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මරික්කාල් මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉන්ධන වලින් රුපියල් පනහක් අඩු කරන බවට මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුව දැන්වත් ඉටුකරනු ඇති බවයි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පැවසුවේ, ජනතාව තමන් පාර්ලිමේන්තුවට පත් කළේ ජනතා ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට බවයි.
මේ අතර පසු ගිය දින වල ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමක ඉහළ යාමක් දකින්ට ලැබේ.
එවන් තත්ත්වයක් තුළ හෙට දිනයේ මෙරට සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩු වීමක් අපේක්ෂාවෙන් සිටියි.


















