BREAKING NEWS
Search

වාන් දමනවා බලන්න ගිය තරුණයාට අත් වූ ඉරණම

387
වව්නියාව මහකච්චකොඩිය ඒරුපතාන වැවේ වාන් ජලයට හසුව ගසාගෙන යාමෙන් ඊයේ (27) සවස තරුණයෙකු මිය ගොස් ඇතැයි මාමඩුව පොලීසිය පවසයි.

මිය ගිය තරුණය තවත් තරුණයින් පිරිසක් සමග පවතින අයහපත් කාලගුණය පැවති අවස්ථාවේදී ඒරුපතානේ වැව වාන් දැමීම බැලීමට ගොස් ඇති අතර එහිදී වැවේ වානේ ගසාගෙන යන ජලයට තරුණයා හදීසියේම වැටීම හේතුවෙන් ගසාගෙන ගොස් ඇත්තේ.

කෙසේ වෙතත් මිතුරන් ඇතුලු අසල්වාසීන් එම අවස්ථාවේ ගසාගෙන ගිය තරුණයා බේරාගැනීමට දැඩි උත්සහයක් ගත්තද එය අසාර්ථක වී ඇති අතර තරුණයා අතුරුදහන්ව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් සෝදිසි කොට එය අසාර්ථක වීමෙන් අනතුරුව නාවික හමුදාවේද සහයෙන් පැයකිහිපයක් සිදුකරන ලද සෝදිසියකින් අනතුරුවසැඩපහරට හසුව ලී කොටයක සිරවී දියේ ගිලීමෙන් මිය ගොස් සිටි අදාල තරුණයාගේ මළ සිරුර හමු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ මියගොස් සිටියේ ඒරුපොතාන ගමේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු බවට පරික්ෂණ සිදුකරන මාමඩුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *