රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
විවිධ බැංකුවල ඒටීඑම් යන්ත්‍ර සඳහා තැන්පත් කිරීම සඳහා මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයක රියදුරු ලෙස සේවය කළ ප්‍රධාන සැකකරු ඉකුත් 18 වැනිදා මිනුවන්ගොඩ නගර මධ්‍යයේ දී වෑන් රථය සමග මුදල් කොල්ලකා අනෙක් සැකකරු සමග යතුරුපැදියකින් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.කොල්ල කන ලද මුදලින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් ගායකයකුගේ සහෝදරයකුට ලබාදී තිබූ අතර ඔහු එම මුදලුත් රැගෙන ඉකුත්දා (23 වැනිදා) විදේශගතව ඇතැයි පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
තවත් කෝටි 3-1/2 ක මුදලක් ප්‍රධාන සැකකරුගේ සමීප ව්‍යාපාරික මිතුරෙකුට ලබාදී තිබූ අතර එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම මුදල් ද මීට දින කීපයකට ඉහතදී සොයා ගැනිණ.ප්‍රධාන සැකකරු සහ සහායකයා මුදල් කොල්ලයෙන් අනතුරුව යාපනයට ගොස් බෝට්ටුකරුවකුට රුපියල් ලක්ෂ 25 ක මුදල් ලබාදී ඉන්දියාවට පලායාම සඳහා උත්සාහ දරා ඇතත් ඔවුන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමගම පලායාමේ තැත නිෂ්ඵල වී යැයි පොලිසිය සඳහන් කරයි.

















