BREAKING NEWS
Search

ඇහැ වරද්දලා සැත්කම කරලා. හත් හැවිරිදි දරුවෙකුගේ ශල්‍යකර්මයක් ගැන ඇහෙන අනුවේදනීය කතාව

269

හත් හැවිරිදි දරුවෙකුගේ වැරදි ඇසකට කළ ශල්‍යකර්මයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ශල්‍යකර්මය සිදුකර ඇත්තේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ග්‍රේටර් නොයිඩා ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු බව සඳහන්.

විදෙස් වාර්තාවන්ට අනුව, මෙම දරුවාව රෝහලට ඇතුළත් කර තිබුණේ වම් ඇසේ සැත්කමක් සිදුකිරීම සඳහායි.

නමුදු අදාළ වෛද්‍යවරයා සැත්කම සිදුකර ඇත්තේ, දකුණු ඇසට බව සඳහන්.

නොවැම්බර් 12 වැනිදා Sector Gamma 1 හි Anand Spectrum නම් රෝහලේ දී මෙම වැරදි සැත්කම සිදුකර ඇති අතර, මුළුමනින්ම එය වෛද්‍ය නොසැලකිල්ල හේතුවෙන් සිදුකළ එකක් වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, දරුවාගේ පියා වන නිතින් භාති පවසා තිබුණේ දරුවාගේ වම් ඇසෙන් නිතර කඳුළු ගලා ඒම නිසාවෙන් මෙලෙස රෝහල්ගත කළ බවයි.

අනතුරුව කරන ලද පරීක්ෂණවලින් පසුව, දරුවාගේ ඇසේ ප්ලාස්ටික් වැනි වස්තුවක් ඇති බවත් එය සැත්කමක් මඟින් සුව කළ හැකි බවට වෛද්‍ය ආනන්ද් වර්මා තමන්ට පැවසූ බවයි නිතින් සඳහන් කරන්නේ.

ඒ සඳහා ඉන්දීය රුපියල් 45,000 ක් වැය වූ බවත් සඳහන්.

විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සැත්කම අවසන්ව දරුවා නිවසට රැගෙන ආ පසුව සැත්කම සිදුකර ඇත්තේ වැරදි ඇසකට බව දරුවාගේ දෙමාපියන් හඳුනාගෙන ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්, දෙමාපියන් විසින් වෛද්‍යවරයාට දන්වා සිටිය ද වෛද්‍යවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ඊට දක්වා ඇත්තේ නොමනා ප්‍රතිචාරයක් බව සඳහන්.

එමෙන්ම දරුවාගේ දෙමාපියන් වෛද්‍යවරයාගේ බලපත්‍රය අවලංගු කරන ලෙසටත් රෝහලට මුද්‍රා තබන ලෙසටත් ඉල්ලා පැමිණිල්ලක් කර ඇති බවත් වාර්තා වනවා.

ඊට ප්‍රතිචාර ලෙස පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් නිසි ක්‍රියාමාර්ග ගන්නා බව‍යි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *