එක්තරා නාට්‍යක එක්තරා සිදුවීමක් ගැන නයනා කුමාරි මෙසේ තම අදහස බෙදාගෙන තිබුනා
“මම එක්තරා නාට්ටියක රූගත කිරීමකට බංඩාරගම ගියා. එහේ සීතල නිසා මම රෙද්දක් පොරවගෙන එළියට ඇවිත් වටපිට යනකොට මම දැක්කා ගෑණු ළමයෙක් එතන තිබුන ගහකට නැගලා මොනවද කඩනවා.
දනිස්සට උඩින් ගොඩක් කොට ගමුමක් ඇදන් තමා මේ ළමයා ගහට නැගලාහිටියේ.. අයියලා වගයක් වගේම වැඩ කරන පිරිමි අය ඔක්කොම ඒ ලග . මේ ළමයා සීතලේ මේ විදිහේ ඇදුම් ඇදන් නැගලා ඉන්නකොට මුළු ඔකොම පේනවා, හරිම අසෝබනයි.. හරිම අවලස්සනයි. දගල දගල වැටි වැටී තමා මේ ළමයා මේ ගහට නගින්නෙ.
මම ඉතින් කල්පනා කළා කවුරු හරි කෙනෙක්ගේ අදුරණ ළමයෙක් වෙන්න ඇති කියලා. ඒත් ටික වෙලාවකින් මට ඒ ළමයා හම්බ උනා. මම ඒ වෙලේ ඇහුවා ” ඔයා මොකද්ද ළමයෝ ඒ කළේ කොට ගවුමක් ඇදගෙන ඔක්කොම ඉස්සරහ එළියේ දාගෙන” කියලා
“අනේ නෑ .. නිකං…” ගගා ඒ වෙලාවෙ ඒ ළමයා හිටියා.. ඊටපස්සේ මම ඇහුවා ඔයා මොකද්ද කරන්නේ මෙතන ඔයා රඟපානව ද? කියලා .
“ඔව් නේ මමනේ මේකේ ප්රධාන නිලිය ..” කියලා කිව්වා.. මට පුදුමයි.. මම ආයි ඇහුවා ” ඔයා මොනවද කරන්නේ ඔයා කාගේ කවුද ? කියලා..
“අනේ නෑ අක්කේ මම ක්ලබ් එකක කැරෝකේ ඩාන්ස් කරන කෙනෙක්…මම මේවා දන්නේ නෑ අක්කේ.. ඩිරෙක්ට මාව දැකලා.. එයා ගෙදරටම ඇවිල්ලා තමයි මට එන්න කිව්වේ… ” කියලා ඒ ළමයා ලැජ්ජාවක් නැතිව මට කිව්වා.. ඒ නිසා ඒ ළමයට ලැජ්ජාවක් නෑ ඒ වගේ හැසිරෙන්න. ඇත්තටම මම ඊට පස්සේ ඒ නාට්ටියට දායක උනේ නෑ. මේ සිදුවීමෙන් පස්සේ මම අයින් උනා.
ඒ නාට්ටිය කෙරුනා.. ඒ නිළිය දාලා ඒ නාට්ටිය කෙරෙන්න ඇති කියලා මම හිතනවා. මම වේවා වගකීමකින් කියන්නේ. මේවට වග කියන්න ඕනේ අපේ චැනල් තමයි..ඇත්තටම මම මේ ළබපු අත්දැකීමක්..
උපුටාගනිමකි

















