පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව දින 03කින් කල් ගිය උසස්පෙළ විභාගය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තවත් දින 03කින් කල් යන බවයි ඔහු පවසා සිටියේ.
උසස් පෙළ විභාගය 26 වැනිදා සිට 29 වැනිදා දක්වා නොපැවැත්වෙන බවයි මීට පෙර දැනුම්දී තිබුණේ.
ඒ අනුව එම කාලය දීර්ඝවන අතර දෙසැම්බර් 27වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා මෙම විභාගය නොපැවැත්වෙන අතර ඒ අනුව දින 06ක නිවාඩු කාලයකින් පසු දෙසැම්බර් 04 වැනි බදාදා නැවත උසස් පෙළ විභාගය ආරම්භවනු ඇති.
දෙසැම්බර් 04වැනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන් වෙන අතර උදේ වරුවට පැවැත්වීමට නියමිත රසායනික විද්‍යාව පළමු පත්‍රය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව පළමු පත්‍රය, නාට්‍ය සහ රංගකලාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය පළමු ප්‍රශ්න පත්‍ර සහ සවස්වරුවේ දේශපාලන විද්‍යා පළමු ප්‍රශ්නපත්‍ර පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.
එමෙන්ම විභාගය නොපැවැත් වූ කාල සීමාවේ තිබූ විෂයන් පහත දිනවලදී පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 27 බදාදාට නියමිත වූ විෂයන් දෙසැම්බර් 21 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 28 බ්‍රහස්පතින්දාට නියමිත වූ විෂයන් දෙසැම්බර් 23වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 29 සිකුරාදාට නියමිත වූ විෂයන් දෙසැම්බර් 27වැනි සිකුරාදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 30 සෙනසුරාදා පැවැත්වීමට නියමිත වූ විෂයන් දෙසැම්බර් 28වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 02 සඳුදා පැවැත්වීමට නියමිත වූ විෂයන් දෙසැම්බර් 30වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 03 වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිත වූ විෂයන් දෙසැම්බර් 31වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.
සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත්වෙන අතර එදිනට සුදු පැහැයෙන් තිබූ කාලසටහන වෙනුවට නව කාලසටහනක් වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුළු මාධ්‍යන්වලින් මේ පිළිබඳව උසස්පෙළ සිසුන් දැනුවත් කරන බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.




















