BREAKING NEWS
Search

සිය දරුවන් දෙදෙනා තනිකර අවසන් ගමන් ගිය මවක් ගැන ඇහෙන දුක හිතෙන කතාවක්

638
මේ සංවේදී පුවත ඇහෙන්නේ පුබ්බෝගම ප්‍රදේශයෙන්…
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ මියගිය බව ගල්කිරියාගම පොලිසිය ප්‍රකාශ කළා…

ඇයගේ නිවසේ ඇද තිබූ විදුලි රැහනකින් ඇයට මෙලෙස විදුලිසැර වැදී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වුණා…

විදුලි සැර වැදීමකට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ පුබ්බෝගම කටුපත්තාගම පදිංචිව සිටි අබේකෝන් සෙනවිරත්න පණ්ඩිත මුදියන්සේලාගේ ගෙදර උපේක්ෂා ප්‍රසංගනී පාලනී නමැති 31 හැවිරිදි දෙදරු මවක බවත් අනතුර සිදුවන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ ඇය හා ඇයගේ කුඩා දරුවන් දෙදෙනා පමණක් බවත් පොලිසිය ප්‍රකාශ කළා..

විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි එම දෙදරු මව ප්‍රතිකාර සදහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට අසල්වාසීන් එක්ව කටයුතු කළ අතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා…

මියගිය කාන්තාවගේ සිරුර දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබූ අතර ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන  ආරම්භ කර ඇතිබවයි වාර්තා වෙන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *