අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයඳුම් කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය දීර්ඝ කර තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා තවදුරටත් 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් ලබා දුන්නා.
නමුත් රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම වැඩසටහන සදහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අයහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්, අස්වැසුම වැඩසටහනට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන මහජනතාවට සහනයක් සැලසීම මෙම කාල සීමාව දීර්ඝ කිරීමේ අරමුණ බවද සඳහන්.



















