BREAKING NEWS
Search

සිය රූමත් බිරිඳගේ අනියම් ඇසුරක් අල්ලගන්න ගිය සැමියෙකුට අත්වුණු කිසිවෙකු නොසිතූ ඉරණම…

1478

බිරියගේ හොර අල්ලන්න හොරට කැපූ වළේ සැමියාම වැටුණ පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වෙනවා.

ඔහු සිය බිරිය නිතරම සැක කළේය. මෙය ඊයේ අදක පටන් ගත්තක් නොවීය. කසාද බැදපුදා ඉඳන්ම සිදුවූවකි. ඒ තමාට වඩා බිරිය රූමත් යයි ඔහු සිතීම නිසාත්, ඇය බොහෝ සමාජශීලී කෙනකුවීම නිසා හා තමා කළ කුරුඳු තැලීමේ රැකියාව ඉතා පහත් එකක් යයි ඔහු සිතූ නිසාත්ය.

කුරුඳු තැලීමට ඔහු දිස්ත්‍රික්කයෙන් දින ගණනාවක් පිටට යන්නේ බිරිය ගැන ඇති සැකයෙනි. මෙය ඔහුගේ හිතට නිතරම වද දෙන්නක් විය. මේ නිසාම නිවසින් පිටව ඉන්නා දිනවලදී රාත්‍රියේදී ඔහුට හරි නින්දක් පවා නොලැබීය.

ඔහුගේ නිවෙස පිටුපස තිබුණේ කැලෑවකි. බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන එන අයෙකු මේ හරහා ඒවී යයි ඔහු සැක කළේය. ඒ නිසාම බිරිය නිවසේ නොමැති අවස්ථාවකදී ඔහු සිය නිවසට වැටී ඇති කැලෑබද මාර්ගය මැද බොරු වළක් කැපුවේය.

කාලය ගෙවී ගියේය. සිය නිවසට රාත්‍රියේ කවුරුත් එන්නේ නැතැයි සිතමින් සිය බිරිය පිළිබඳව රාත්‍රී කාලයේ තිබූ සැකය ඔහු දුරුකර ගෙන තිබුණේය. නිවසේ සිටි දිනක රාත්‍රියේදී ඔහුට හදිසි බඩේ අමාරුවක් සෑදෙන්නේ නිවසේ තිබූ එකම වැසිකිළියේ භාර්‍යාව සිටියදීය.

අවශ්‍යතාව බලවත්වීය. වැසිකිළි යාමේ අවශ්‍යතාවද මීට සමගාමීව වැඩිවිය. කරන්න අන් කිසිම දෙයක් නොවූ තැන නිවස පිටුපස බැද්දට දිව යාමට ඔහු තීරණය කළේය. ඒ තීරණය ක්‍රියාත්මක කෙරුණේ ‘‘බුදු අම්මෝ මම ඉවරෝ’’යි කියමින් ඔහු කැපූ වළේම ඔහු වැටෙමිනි.

සතුන් පමණක් භාවිතා කරන තමන්ගේ නිවසේ අය භාවිතා නොකරන මේ මාර්ගයේ වන සතකු එළා ගැනීමට මෙසේ බොරු වළක් කැපූ බව ඒ අවස්ථාවේදී පැවසුවත් පසුව හීන් අඩියක් දාගෙන සිය බිරිය ගැන තිබූ සැකය දැන් ඉවරයි කියා ඔහු සිය හිතවතකුට මේ සිද්ධිය පැවසීමත් සමගම ඇත්තටම ඔහු බොරු වළ කපා ඇති සිද්ධිය කරළියට ආවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *