අම්පාර ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ තවත් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

364

අම්පාරේදී ට්‍රැක්ටරයක් ගංවතුරට හසුවී පෙරලී යාමෙන් අතුරුදන් වූ තවත් පාසල් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සිසුන් 4 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ අනෙක් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනතුරු සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අදාළ ට්‍රැක්ටර් රථය අම්පාර – මාවඩ්ඩිපල්ලිය පාලම මතින් ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහයකයා ද සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.

වෙනත් පුවත්

අස්වැසුම ගන්න නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලොකු සෙනඟක්

අස්වැසුම සහනාධාර ව්‍යාපෘතියට අදාල ප්‍රතිලාභීන් ලියාපදිංචි වීම සඳහා විශාල ජනතාවක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.

පවතින ධාරානිපාත වර්ෂාව නොතකා විශාල ජනතාවක් මෙසේ රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙසේ පැමිණි ජනතාව අද (27) උදෑසන සිට පෝලිමේ සෑහෙන වේලාවක් රැඳී සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ.

මේ පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමේදී කියා සිටියේ අස්වැසුම සහනාධාර සඳහා නව ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නව රජය නිකුත් කළ අයදුම්පත් මුල්වරට අද නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කිරීමට කටයුතු කළ බවයි.

මේ හේතුවෙන් නොසිතූ පිරිසක් එම අයදුම්පත් ලබා ගැනීමට පැමිණි බවයි නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසුවේ.

පැමිණි පිරිස කළමනාකරණය කරගැනීම සඳහා අංක ලබාදී ඒ අනුව අයදුම්පත් එම ස්ථානයේම පුරවා බාර ගැනීම සිදු කොට තිබෙනවා.

මේ අතර සතියේ සෑම සඳුදා සහ බදාදා දිනකම අයදුම්පත් ලබා ගැනීමට හැකි බැවින් කලබලයකින් තොරව අයදුම් පත් ලබා ගැනීමට පැමිණෙන ලෙසයි නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *