පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසනවා.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සදහන් කළා.
“උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට.
ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි”
පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ තීරණය කළා.



















