BREAKING NEWS
Search

පෙම්වතා 19 හැවිරිදි පෙම්වතියට හෝටල් කාමරයක් තුල සිදු කල අහස පොලොව නුහුලන අපරාධය

1178

ඉන්දියාවේ බැංගලෝර් නුවර පිහිටි හෝටලයකදී පෙම්වතා විසින් සිය පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දී පසුගිය 23 වැනිදා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ඇසෑම් ප්‍රාන්තයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්.

ඇය සිය පෙම්වතා සමග 23 වැනිදා එම හෝටලයට පැමිණ ඇති අතර, දින තුනකට පමණ පසුව ඔහු පමණක් හෝටලයෙන් පිටව ගොස් ඇති බවට සීසීටීවී දර්ශන වල දැක්වෙන බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

හෝටල් කාමරයකින් දුර්ගන්ධයක් එන බවට පොලිසියට ලැබුණු ඇමතුමකට අනුවයි පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත්තේ.

ඔවුන් හෝටලයට පැමිණ දින තුනකට පසුවයි පොලිසිය විසින් මෙසේ ඇයගේ මළ සිරුර සොයාගෙන තිබෙන්නේ.

පසුගිය සඳුදා දින ඇයව ඝාතනය කර අඟහරුවාදා ඔහු හෝටලයෙන් පිටවීමට පෙර දිනක් එම මළ සිරුර සමග එකම කාමරයේ සිට ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

සැකකරු කේරළ ප්‍රදේශයේ අයකු බවත්, ඔහු මහල් නිවාසයෙන් පිටව ගිය පසු දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවත්, පොලිසිය වැඩිදුරටත් පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *