රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවටට පැන
පෙරළී යාම නිසා එක් කාන්තාවක් මියගොස් තවත් හතර දෙනෙකු ලබා තිබෙනවා.
මහ වැසි මැද මෙම බස් රථය අධික වේගයෙන් ධවනය වීම නිසා එය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි පූනෑව පොලීසිය පවසන්නේ.
තුවාල කරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය කාන්තාවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වවුනියාවේ පදිංචිකාරියක් වන 54 හැවිරිදි කාන්තාවක්.
මැදවච්චිය හා පූනෑව පොලීසි විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.




















