BREAKING NEWS
Search

ඔහුගේ දික්කසාදයට හේතුව ඇයද ? – සමාජ මාධ්‍ය වලින් එලියට ආ රහුමාන්ගේ අලුත්ම ආදර කතාව

621

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔහු ඉන්දීය සංගීතයට පුරාවෘත්තයක් හා සමාන මිනිසෙක්..

A.R.රහුමාන්, ඔහුගේ සංගීතයට ලොවක් ආකර්ශනය වෙලා තියනවා කියන එක අලුත් දෙයෙක් නෙවෙයි..

මේතරම් මිනිස්සුන්ගේ හිත් හැඳිනගත් මේ ප්‍රවීණ කලාකරුවා ගැන පසුගිය දිනවල අහන්න ලැබුණේ ඒ තරම් හොඳ ආරංචි නම් නෙවෙයි.. කොහොම වුණත් මේ ගැටලුව බොහෝ කල් ඒ දෙන්නාගේ පවුලේ තිබුණ දෙයක්ද..?

A.R.රහුමාන්ගේ විවාහ ජීවිතය මීට 30 වසරකට එපිට අතීතයකට දිව ගිය එකක්.. ඔහු ඔහුගේ බිරිඳ සයිරා බානුගෙන් වෙන්වීම ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු, අසන්නට ලැබෙන්නේ තවත් පුදුමය දනවන පුවතක්..

ඒ ඔහුගේ බේස් ගිටාර් වාදන ශිල්පිනියක් ලෙස කටයුතු කළ මොහිනි ඩේ ද ඇගේ සැක්සෝෆෝන වාදක සැමියා වන මාර්ක් හාට්සච්ගෙන් දික්කසාද වූ පුවත Instagram ඔස්සේ බෙදාගෙන තිබීමයි..

අන්තිමේ මේ සිදුවීම් දෙක එකට ඈඳාගෙන පුවත් නිර්මාණය වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ… රහ්මාන්-මොහිනී අතර අනියම් සම්බන්ධතාවක් නිසා මේ කසාද දෙකම කැඩිලා යන්න හේතුවුණා කියලා තමයි සමාජමාධ්‍යවල නම් පළවූ පුවත්වල දැක්වුණේ…

මොහිනී 28 හැවිරිදි බේස්ගිටාර් වාදන ශිල්පිනියක්… ඇය කොල්කටාවේ ඉපදිලා මුම්බායි හි හැදී වැඩුණු තැනැත්තියක් වෙන අතර, Gaan Bangla හි Wind of Change සහ Coke Studio India වැනි සමාගම් සමඟ එක්ව වැඩ කර තිබෙනවා..

ඒ විතරක් නෙවෙයි, බොහෝ සංදර්ශනවල A.R.රහුමාන්ගේ වෙනුවෙන් ද ඉදිරිපත් කිරීම් කළ සුපිරි බේස්වාදන ශිල්පිනියක් විදියටයි හැඳින්වෙන්නේ. Instagram හි පමණක් 524k අනුගාමිකයින් සිටින ඇය දැඩි සමාජ මාධ්‍ය මත පළ කරන්නියක් විදියටත් හැඳින්වෙනවා…

කොහොම වුණත් A.R.රහුමාන්ගේ මේ වන විට එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර සාවද්‍ය මත පළ කරන සියලු දෙනාට එරෙහිව නීතිමය දැනුම් දීමක් ඔහුගේ Instagram හරහා පළ කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා… එම නෛතික ලිපිය මඟින් මොහිනී ඩේ සමඟ ඔහුගේ සම්බන්ධය ගැන කතා කරන වීඩියෝ යූ ටියුබ් නාලිකාවලින් ඉවත් කරන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *