BREAKING NEWS
Search

ජල රකුසා බිලිගත් පාසැල් ළමුන් රැගත් ටැක්ටරයේ රියදුරු සහ සහයක ගැන ඇසෙන කතාව

984

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් – සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යාම නිසා ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් 05 දෙනකු සමග ට්‍රැක්ටරයේ රියදුරු සහ සහයකයකු අතුරුදහන්වි ඇතිබව කාර්තිව් පොලිසිය පවසයි.

සමන්තුරේ අයි.එම්. නස්රිෆ්, එෆ්.එම්. නසීන්, එම්.ඒ.එම්. අෆ්කාන්, එෆ්.එම්. සහරාන්, එම්.ජේ.එම්. සදීර්, ඒ.එම්. යසීන් යන පිරිස අතුරුදන් අතර සිටින බව පොලිසිය කියයි.

පාසල් නිවාඩු ලබාදුන් බැවින් මෙම සිසුන් ට්‍රැක්ටර් ට්‍රේලරයේ නැගී නිවෙස් වෙත ගමන්කර ඇති බවත්, ට්‍රැක්ටරය කාර්තිව් – සම්මන්තුරේ මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් කරන අවස්ථාවේ ප.ව. 4.15 -5.00 ත් අතර කාලයේ දී, මාර්ගය හරහා ගලාබසිමින් තිබූ අඩි තුනහමාරක් – හතරක් පමණ වන ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිසුන් අවුරුදු 12 – 16 වයස් සීමාවන්හි අයවලුන් බවත්, පොලිසිය සදහන් කරයි.

ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් දෙදෙනකුගේ දිවි බේරී ඇති අතර, ඉතිරි පිරිස සොයා පොලිසිය, නාවික හමුදා සහ යුධහමුදා නිලධාරින් මෙහෙයුමක් ආරම්භකර ඇත.

ඉකුත් දින කීපයේ පැවැති අධික වර්ෂාවත සමග එම ප්‍රදේශය ගංවතුරට යටවූ අතර මාවඩිපල්ලි පාලම අසල වෙල මැදින් ගලා ගිය සැප පහට අසුව එම ටැක්ටරය ගසාගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *