BREAKING NEWS
Search

බැංකු පොලී අනුපාත ක්‍රමයේ වෙනසක්.හෙට සිට වෙනස් වෙන්නේ මෙහෙමයි

1499
හෙට (27) සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමය වෙනුවට, තනි ප්‍රතිපත්ති පොලී අනුපාත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, 2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම, ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව,  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය හෙට (27) සිට බල පැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රම වේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලි අනුපාතික ක්‍රම වේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කළ බවයි.

මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්ක කරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමක් බවද එම නිවේදනයේ සඳහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *