BREAKING NEWS
Search

සිසුන් 7ක් ඇතුළු 9ක් සැඩ පහරකට හසු වි ගසාගෙන යයි

639

පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි සිසුන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඒ අතරින් සිසුන් දෙදෙනෙකුව බේරා ගත් බවත් සෙසු පිරිස අතුරුදන්වී ඇති බවත්ය.

නින්දවූර් මද්‍රාසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් අදාළ ට්‍රැක්ටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කාරතිව්  හන්දිය ආසන්නයේදී මෙම අනතුරට මුහුණදී තිබේ.

අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන දරුවන් එළෙස අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි.

අතුරුදන් වූ අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

වෙනත් පුවත්

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආරු ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ද මෙතැන් සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කයන් හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමණාකරන අංශවලින් ඉල්ලා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *