හදිසි ආපදා තත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය කල් යයි..

237
මේ වෙනකොට විවිධ දුශ්කරතා මැද උසස් පෙළ විභාගය පැවැත්වෙනවා… 
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන  අද අසන්න ලැබුණ විශේෂ ආරංචියක් ගැනයි..

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුනක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එහිදී නොවැම්බර් මස 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අ. පො. ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *