BREAKING NEWS
Search

එකම ඇදේ නිදාගෙන සිටි නිවුන් සහෝදරයන්ගෙන් එක් අයෙක්ට හිටි හැටියේ සිදු වූ දේ

1025

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ  බණ්ඩාරගම බැල්ලන්තුඩාව ශ්‍රී ඤාණරතන මාවතේ පදිංචිව සිටි මොරටුව කටුබැද්ද ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි චානුක ගිම්හාර   පෙරේරා (21) තරුණයායි.

දරුවන්  දෙදෙනා සුපුරුදු ලෙස  පෙරේදා (24) මවුපිය දෙදෙනා සමග ආහාර ගැනීමෙන් අනතුරුව අතුරුදන්ව සිටින චානුක ඔවුන් දෙදෙනාට වෙන්ව තිබෙන කාමරයේ අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් සිට ඇති අතර අනෙක් සොයුරාවන උපේන්ද්‍ර නින්දට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි

මව ඊයේ (25) අලුයම 4.30 ට පමණ ඔවුන් දෙදෙනාට ආහාර පිසීම සඳහා අවදි වීමේදී සාලයේ ප්‍රධාන දොරටුව අසලින්  ආලෝකයක් වැටී තිබෙන අයුරු දැක දොර අසලට පැමිණ පරික්ෂා කිරීමේදී දොර අඩක් විවෘත කර තිබෙන අයුරු දැක එය වසා දමා අනතුරුව පුතුන් දෙදෙනා නිදා සිටින කාමරය ඉදිරිපිටට ගොස් එහි දොර රෙද්ද මෑත් කර කාමරය දෙස බැලීමේදී ලොකු පුතු කාමරයේ ඇඳ මත දක්නට ලැබී නැතැයි  මව්පියන් කළ පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *