BREAKING NEWS
Search

ඔබත් බයිට් කන කෙනෙක්ද ? ජනප්‍රිය සන්නාමයක් යටතේ දිවයින පුරා බෙදාහරින බයිට් පැකට් ගැන හෙළි වූ බය හිතෙන කතාව

67514

වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කර ගෙන යන කෙටි ආහාර (බයිට්) නිෂ්පාදනාගාරයක ගබඩාකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා පරිභෝජනයට නුසුදුසු රටකජු තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම රටකජු තොගය ජනප්‍රිය සන්නාමයක් යටතේ දිවයින පුරා පැකට් කර අළෙවි කිරීම සඳහා බෙදා හැරීමට සුදානම් කොට තිබූ බවට විමර්ශන කටයුතුවල දී හෙළිව ඇත.

අත්අඩංගුවට ගත් රටකජු තොගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද්දක් බවට තොරතුරු ලැබී ඇති බව ද වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.එමෙන්ම කඩල තොගයක්, මික්සර් වර්ගයේ කඩල, අවපැහ ගැන්ව තිබු පොල්තෙල් භාවිතයෙන් නිෂ්පාදනය කර තිබු බොන්ජෝ කඩල තොගයක් සහ විවිධ රසකැවිලි වර්ග තොගයක් ද මෙහිදී අත්අඅඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය අදාල අයතනයේ ගබඩාවට මේ වන විට මුද්‍රා තැබීමට කටයුතු යොදා ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර සඳහන් කරයි. පමුණුගම පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේ ලද තොරතුරු මත වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. හිජාස්ගේ උපදෙස් මත වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ඩී. එස්. එස්. විජේසිංහ, කසුන් මහේෂික, රජිත අඩක්සුරිය, එම්.මුස්තකී ,ශෂික, ඇතුළු නිලධාරී පිරිසක් මෙම වැටලීම කළහ. අදාළ ආයතනයේ හිමිකරු වු කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සිද්ධිය සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

බී. ටී. කොටින්කඩුව – ජාඇල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *