රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
මේ කියන්න යන්නේ තවත් අදහාගත නොහැකි පුවතක් ගැන කතාවක්.. ඇයට මේ තරම් කුරිරු මරණයක් අත්කර දෙන්න ඔහු මොනතරම් සාහසික පුද්ගලයෙන් වෙන්න ඕනද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාවයි..
සිය සැමියා විසින් දකුණු අතෙහි සුලැඟිල්ල පමණක් ඉතිරිවෙන සේ ඉතිරි ඇඟිලි හතර කපා දමා මුහුණ හා බෙල්ලද තියුණු ආයුධයකින් කැපීමෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් ඊයේ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හදිසි ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසනවා…
රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 32ක විවාහක කාන්තාවක්…
පවුල් ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ…
සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ සැමියා කන්දකැටිය පොලිසිය මගින් සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා…
තුවාල ලැබූ තරුණියගේ අතෙන් වෙන් වූ ඇඟිලි බෝතලයක දමාගෙන නිවැසියන් විසින් රැගෙනවිත් තිබූ අතර මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව තරුණියද සමඟ ඇගිලි බදුල්ල ශික්ෂණ රෝහල වෙත යැවීමට මීගහකිවුල රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්ද කැටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා…