රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
හලාවත ඉනිගොඩවෙල ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් ඉදිරියෙන් පැමිණි අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් ඊයේ (25) අනතුරට ලක්ව තිබෙනවා.
එම අනතුරින් අත්ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.
අනතුර හේතුවෙන් අත්ට්‍රැක්ටරයට හා මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති අතර, අත්ට්‍රැක්ටරයේ රෝදයක් ගැලවීගොස් ඒ අසලින් ගමන්කළ තවත් රථයක ගැටී තිබෙනවා.
වෙනත් පුවත්
වර්ෂාවත් සමග මී උණ රෝගීන් ගේ වැඩිවීමක්
වර්ෂාවත් සමග මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝම්බර් සිට මේ දක්වාත් මී උණ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
පසුගිය කාල සීමාවේ සහ පවතින අධික වැසිත් සමග ගංවතුර ඇතිවන අවස්ථාවලදී මී උණ රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් මී උණ රෝගීන් 500 කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. ඒ හේතුවෙන් මරණ 35ක් ද වාර්තා වී තිබෙනවා.
දැනුවත් වීම හා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මඟින් වළක්වා ගත හැකි රෝගයක් වන මෙය මේ වන විට වසංගත ස්වරූපයෙන් පැතිර යන්නේදැයි සැක පහළ වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.


















