BREAKING NEWS
Search

කලපුවේ සැඟවුණු මල් කැකුලිය ගැන ඇසෙන සංවේදී කතාව

1058

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද  දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී සොයා ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පැවසිය.

මෙලෙස අවාසනාවන්ත ලෙස ධීවර යාත්‍රාව පෙරළි මරණයට පත්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි රනිල් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු හා ඔහුගේ වැඩිමහල් දියණිය වන 18 හැවිරිදි නිලුෂා නෙත්මි ප්‍රනාන්දු බව පොලිසිය කියයි.

විදේශ රටක සිට පැමිණි කතෝලික ඥාති පියතුමකු සමග කලපුවේ ගිලි මරණයට පත්වු පියා හා දියණීය ඇතුළු පවුලේ හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් ඉස්සන් බෝට්ටුව නමින් ප්‍රසිද්ධ කුඩා ධීවර යාත්‍රාවක නැගි කලපු සංචාරයක නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස යාත්‍රාව පෙරළි යාමේන් දියේ ගිලි තිබුනි.

කෙසේ වෙතත් යාත්‍රාව පෙරළි යනු දුටු ඒ ආසන්නයෙ සිටි පිරිස් විසින් කඩිනමින් මෙම කුඩා යාත්‍රාවේ ගමන් කල කතෝලික පියතුමන් හා තවත් සිව් දෙනෙකු බේරා ගැනිමට සමත් වුවද පියා හා දියණීය සොයා ගැනිමට නොහැකි වි ඇත්තේ කලපුවේ සැඩ පහර වැඩිවිමත් සමග බව කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *