BREAKING NEWS
Search

මනාලියගේ පොරොන්දුව ඉටු කරමින් මදුසමය දා පරණ පෙම්වතා මනාලයාගේ ගෙදර ඇඳ යටින් මතුවෙයි…

28402

නගරයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කළ විසි අට හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

රැකියාවට පැමිණ වසර තුනකින් පමණ ඇය විවාහ දිවියට ඇතුළත් වූවාය. ඇයගේ සැමියා ඇයට අවශ්‍ය පරිදි සොයාගත් කෙනකු නොව මවුපියන්ට ඕනෑ විදිහට සොයා දුන් කෙනකු විය. එහෙත්, මංගල උත්සවය ජයටම පැවැත්විණ. ආයතනයේ ප්‍රධානියා ඇතුළු යහළු යෙහෙළියෝ රැසක් ද මංගල උත්සවයට පැමිණ සිටියහ.

මංගල උත්සවයට පැමිණ සිටි ඇයගේ සමීපතම මිතුරියන් විමසා සිටියේ, පැරැණි පෙම්වතා අමතක කොට අලු‍ත් මනාලයකු සමග ආවේ ඇයි ද කියාය. එවිට මංගල ඇඳුම පිටින්ම ඇය කියා සිටියේ, ඔහු කිසි දිනක අමතක නොකරන බවය.

උත්සවයේ කටයුතු අවසන් වීමෙන් පසු නව යුවළ මධු සමය ගත කිරීමට පිටත්ව ගිය අතර, පැමිණ සිටි නෑදෑ හිත මිතුරෝ ද විසිර ගියහ.

දැන් ඇය පදිංචි සැමියාගේ නිවෙසේය. එම නිවෙසේ සිටියේ සැමියාගේ මව පමණි. මව ද බො‍හෝ දිනවල අල්ලපු ගමේ සිටින දියණියගේ නිවෙසට යාම පුරුද්දක් කරගෙන සිටියාය. මේ අතර ඇය සැමියා නොමැති බො‍හෝ අවස්ථාවල සිටියේ ජංගම දුරකතනය කනේ ගසාගෙනය.

දිනක් සැමියා නොමැති අවස්ථාවක ඇය සොයා අමුත්තෙක් ආවේය. නිවෙසට ඔහු අමුත්තකු වුව ද ඇයට නම් ඔහු අමුත්තෙක් නොවීය.

ඇය මග බලා සිටියේ ද ඔහු කෙදිනක හෝ පැමිණෙන තුරුය. අමුත්තා දෝතින් බදා පිළිගත් ඇය, ඔහු කාමරයටම කැඳවාගෙන ගියාය. ඒ සමගම හතර වටින් කළු කර වැහි වළාකුළු ද පාවී එන්නට විය. සිහිල් සුළං පොද ජනෙල් කවුළු අතරින් කාමරයට රිංගුවේය.

ඇය ජනෙල් පියන් වැසුවාය. වසර ගණනාවක සිට පෙමින් වෙලී සිටි දෙදෙනා ආදරයෙන් තුරුළු විය.

එහෙත් බලාපොරාත්තු නොවූ ලෙස සැමියා හදිසියේම පැමිණියේය. වසා තිබූ දොරට සැමියා කිහිප වරක්ම තට්ටු කළත්, දොර ඇරීමට ඇයට ටික වේලාවක් ගත විය.

‘හුළඟේ සද්දෙට මට ඇහුණේ නැහැ’ යැයි ඇය ‍දොර විවෘත කරමින් කීවාය. ඔහු කාමරයට ගොස් ඇඳුම් මාරු කරන විට ඇඳ යටින් කිවිසුමක් පිට විය. ඔහු හතර වටේ බැලු‍වේය. කාමරයේ මුල්ලක කලිසමක් විය. එය තමාගේ නොවන බව ඔහු දැනගත්තේය.

කුමක් හෝ අසුබ දෙයක් කාමරයේ සිදුව ඇති බව ඔහුට දැනිණ. බිරිඳගේ පැරැණි පෙම්වතා ගැනත් ඔහුට තොරතුරු ලැබී තිබිණ. කලබල නොවූ ඔහු ජංගම දුරකතනයෙන් කිසිවකුට ඇමතුමක් දී, දිගු පොල්ලක් ගෙන ඇඳ යටට දමා ඒ මේ අතට වැනුවේය. පොලු‍ පහර කිසිවකුගේ ඇඟට වදින අයුරු ඔහුට දැනිණ.

බිරිඳ දුවගෙන ඇවිත් සැමියාගේ දෙපා ළඟ වැඳ වැටුණාය. එහෙත් ඒ සමගම නිවෙස ඉදිරිපිට පොලිස් ජීප් රියක් නතර විය. පොලිස් නිලධාරීන් පැමිණ ඇඳ යට සිටි පුද්ගලයාට කලිසම අන්දවා ජීප් රථයට නංවා ගත්තේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *