BREAKING NEWS
Search

විශ්ව විද්‍යාල සිසුන් කල්ලියක් එකතු වි ජයටම කරගෙන ගිය අමුතු බිස්නස් එක මෙන්න

333

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකුගෙන් සැදුම්ලත්  කල්ලියක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට ගත් බවත් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

මත් මුද්දර, මත්කරල්, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හා සියුම් කිරුම් මිනුම් සඳහා භාවිතා කරන කුඩා තරාදි දෙකක් සමග පෞද්ගලික විශ්ව විද්‍යාලය සිසුන් පස්දෙනකු මෙලෙස ඊයේ(24) අත්අඩංගුවට ගෙන ඇත.

විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නියැලෙන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් සිටින බවට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මාලඹේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අසලදී මත් මුද්දර කීපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණයේදී සැකකරු මගින් මෙම ජාවාරමට හවුල් කල්ලිය පිළිබඳව ලබාගත් තොරතුරු මත ඉතිරි සැකකරුවන් සිව් දෙනාද සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය තොගය ද සමග අත්අඩංගුවටගත් බව  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *