උසස් පෙළ ලියන සිසුන්ට විශේෂ පණිවුඩයක්..යන්න කලින් මේ ගැන දැනගෙන යන්න

152

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය අද (25) දිනයේ ආරම්භ වන අතර, මෙය විභාග මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රවේශ පත්‍රයේ ඇති අපේක්ෂකයාගේ අත්සන, සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තහවුරු කරගෙන, වලංගු අනන්‍යතා පත්‍රයක් සහිතව විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවයි.

උසස් පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 333,185ක් සුදුසුකම් ලබා සිටින අතර ඉන් 253,390 දෙනෙක් පාසල් අයදුම්කරුවන් වන අතර සෙසු 79,795 සියලු දෙනා පෞද්ගලික අපේක්ෂකයන් වේ. දින 22ක් පුරා පැවැත්වෙන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වනදා අවසන් වීමට නියමිතයි.

මේ අතර, උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය සඳහා අවසරය හිමි වන්නේ විභාග ශාලාධිපතිවරුන්ට බවත් සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්යමණ්ඩලයට මෙවර ජංගම දුරකථන භාවිතයට අවසර හිමි නොවන බව ද හෙතෙම කියා සිටියා.

පාසල් දරුවන්ට වතුර බෝතල් රැගෙන යා හැකි බවත් ඒවා ඇතුළත පෙනෙන වතුර බෝතල් විය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මේ අතර අ.පො.ස. උසස් පෙළ විභාගය ආරම්භ වන අද සිට විභාග කාලසීමාවේදී පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ යම් ආපදා තත්ත්වයන්ට සිසු දරුවන්ට මුහුණ පෑමට සිදුවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 1170 හෝ

එහි විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක 0113668020, 0113668013, 0113668010, 0763117117 යන අංකවලට දැනුම් දෙන ලෙස බලධාරීහු සිසු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *