BREAKING NEWS
Search

පොදු ස්ථාන වල මේ දේවල් කලොත් වැඩ වරදී

699

පොදු ස්ථානවල සහ මංමාවත්වල කෙල ගැසීමෙන් සහ කැළි කසල බැහැර කිරීමෙන් වලකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

ඉදිරියේදී මෙවැනි ක්‍රියාකාරකම් සිදුකර පුද්ගලයින් පිළිබඳ සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි, එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

බස්නාහිර පළාත තුළ සහ ඉන් පිටතට සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබලා එවැනි ක්‍රියාකාරම් සිදුකරන පුද්ගලයින්ගේ දඩ මුදල් අයකරන ආකාර සම්බන්ධයෙන් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැහැදිලි කළා.

පළමු වර කරන ලද වරඳක් සඳහා රුපියල් 3000 සිට 25000 දක්වා දඬයකුත්, ඉන් පසුව සිදුකරන වරඳක් සඳහා රුපියල් 5000 සිට 50000 දක්වා දඬයකුත් පැනවිය හැකි බවත් ඊට අමතරව සිරදඩුවමක් දක්වා පැනවිය හැකි බව ද උපුල් රෝහණ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

වෙනත් පුවත්

මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙරට සැකකරුවන් 5 දෙනකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර සහ ත්‍රිකුණාමලය ප්දේශයේ පදිංචි අවුරුදු 21 ත් 37 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් 5 දෙනෙකි.

‘අශේන් පුතා‘ නැමති ශ්‍රී ලංකාවට අයත් බහු දින ධීවර යාත්‍රාවක් මාලදිවයින් ආර්ථික කලාපයට ඇතුළුවී ඇති බවට මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් මෙරට නාවික හමුදා මූලස්ථානයේ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ (23) අලුයම දැනුම් දී තිබූ බව නාවික හමුදාව කියයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් එම යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂා කිරීමේදී ‘අශේන් පුතා‘ නැමැති බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධීවර යාත්‍රාවක් බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය සමග තොරතුරු හුවමාරුකරගෙන තිබුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක්ද, නැතහොත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන ගියේද යන්න පිළිබදව ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධ අංශ සහ මාලදිවයින් බුද්ධි අංශ සිදුකරයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *