BREAKING NEWS
Search

අනියම් බිරිඳට සැප දෙන්න අමුතු සෙල්ලමක් දාපු පෙම්වතා

19764

ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු කහතුඩුව, මීරිගම සහ කටුනායක යන ප්‍රදේශවලින් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි තුනක් සොරකම් කර ඇති බවය.

එමෙන්ම සැකකරු සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන තුනක්ද පොලීසිය සොයාගෙන තිබේ. සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදි ආඬිඅම්බලම ප්‍රදේශයේ ස්ථාන දෙකකට රුපියල් ලක්ෂ එකහමාරකට උකස් කළ බවය.

ඒ අනුව උකස් කළ යතුරුපැදි පොලිස් භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

සැකකරු විසින් යතුරුපැදි උකස් කර ලබාගත් මුදල් අනියම් බිරිඳ සමග කල්ගත කිරීමට භාවිත කර තිබූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු 53 හැවිරිදි වියේ පසුවන බටුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *