BREAKING NEWS
Search

දෙක නැවී තිබුනේ අත් වැරදිමකින්

308

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක රන්වල මහතා පැළඳ සිටි හිස් පළඳනාවේ පහළ කෙළවර දෙක එකට එක් වී තිබුණේ අත් වැරදිමකින් බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබේ.

එය හිතා මතා කරන ලද දෙයක් නොවන බවත් අතපසුවීමකින් එලෙස සිදුව තිබූ බවත් පසුව එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවත් හෙතෙම සඳහන් කර ඇත.

හිස් පළඳනාවේ පහළ කෙළවරවල් දෙක යා කිරීමට කිසිදු බොත්තමක් එහි නොතිබෙන බවත් එම දෙකළවර විවෘතව පැවති යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම

පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කරගෙන ජනතාව වෙනුවෙන් සිදුකරන අවංක සේවාවෙන් සතුටු විය හැකි යැයි පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රන්වල මහතා  පැවසීය.

කථානායකවරයා වශයෙන් තම රාජකාරිය පක්ෂ පාට නොබලා කිරීම ඉතා වැදගත් යැයිද හෙතෙම පැවසීය.

පන්ති භේද, ජාති භේද, ආගම් භේද ඇතුළු සියලුම භේද නොබලා රටේ යහපත පතා සේවය කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *