BREAKING NEWS
Search

හෙට උසස් පෙළ කඩඉමට මුහුණ දෙන ඔබට විශේෂ දැනුම්දීමක්

227
2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා.

විභාගය ලබන මස 20 දා දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.

මේ අතර හෙට සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමි නොවන බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *