BREAKING NEWS
Search

Whatsapp සමාගම හදුන්වා දුන් අලුත්ම විශේෂාංගය මෙන්න

789

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා.

මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට හැකියි.

WhatsApp හෝ වෙනත් පිට පාර්ශවයන්ට මෙම හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බව‍යි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්.

අදාළ පණිවුඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් කරන බවයි දැනට එම සමාගම පවසන්නේ.

මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *