මෙම සිදුවීමට අදාළ වීඩියෝව ජංගම දුරකථනයෙන් රූගත කරන්නේද එකී මන්ත්‍රීවරයාම වන අතර තමාට අවාසි සහගත වූවත් negative marketing (සෘණාත්මක අලෙවිකරණ) උපාය මාර්ගයක් ඔස්සේ අවධානය ලබාගැනීමට ඔහු උත්සාහ කළ බවට විවේචන මතුවිය.
එම කරුණු කෙසේ වෙතත් දැන් වාර්තාවන්නේ ඔහු වෘත්ති දෙකක ලියාපදිංචියක් නිසා ඉදිරියට සිදුවන අවදානමක් ගැනය.
පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම 17 ඉඳිකටුව ලකුණින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ වෛද්‍ය අරුචූන රාමනාදන් මහතා මනාප ඡන්ද 20,487ක් ලබා ගත්තේය.
මෙවර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 20 ක් පමණ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන අතර ඒ සියලු දෙනාට පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකත්වය දැරීමට පෙර එම වෘත්තියෙන් ඉවත්විය යුතුව තිබිණි.
වෛද්‍ය වරයෙකු ලෙස ලියාපදිංචිවී සිටින අර්චුන රාමනාදන් රැකියාවෙන් නිල වශයෙන් ඉල්ලා අස් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ බව වාර්තා වේ.
ඒ අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමේ ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ.
මීට ඉහත හිටපු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාද සිය වෙනත් වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් පහකරන ලද අවස්ථාවක් වාර්තාවී තිබෙයි.



















