BREAKING NEWS
Search

තවත් දීමනාවක් ගෙවීම අරඹයි

2021

අස්වැසුම ප්‍රතිලාභී පවුල්හි අවුරුදු 70ට වැඩි සාමාජිකයින් වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් 3,000 දීමනාව බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය කරයි.

නොවැම්බර් මාසයට අදාළව එම මුදල් බැංකු ගත කර ඇති අතර අද සිට එම මුදල් බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද පවසයි.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 511,086කට මෙම දීමනාව ගෙවනු ලබයි.

වෙනත් පුවත්

ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක්

සේවක අර්ථසාධක අරමුදල විසින්  එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට   බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096ක්  පවරා ඇති බැව් ජාතික විගණන කාර්යාල පවසයි.

මින් රුපියල් මිලියන 2,420ක්  අයකරගැනිම සදහා  පවරණු ලැබු නඩු 4,381ක් අක්‍රිය තත්ත්වයේ පවතින බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම රුපියල් මිලියන 1,232ක් අයකරගැනිම සදහා පවරණු ලැබු  නඩු 2138ක්  විවෘත වරෙන්තු තත්ත්වයේ පැවතුණි.

බාහිර ආයතන විසින්ද  සේවක අර්ථසාධක අරමුදලට එරෙහිව  රුපියල් මිලියන 201.3ක් ඉල්ලුම්කර  නඩු 62ක් අධිකරණයේ පවරා තිබුණි.

අවශ්‍ය කටයුතු කර හිග මුදල් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *