BREAKING NEWS
Search

හරීන් නැවතත් CIDයට

164

ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවට තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට අද (22) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හමුවේ පෙනීසිටින ලෙස හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග සහ හරීන් ප්‍රනාන්දු වෙත විමර්ශන දැනුම් දී තිබුණි.

ඉන් හරීන් ප්‍රනාන්දු හැර සෙසු පිරිස ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදුන් අතර, හරීන් ප්‍රනාන්දු අද දිනයේදී ඒ වෙත පැමිණියේය.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මෙම ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතුදැයි විමසා සිටියේය.

“මම විශ්වාස කරන්නේ නැහැ. මොකද කැබිනට්ටුවේ දවසකට පත්‍රිකා අඩුමගානේ 60ක්, 70ක් දානවා. සාමාන්‍යයෙන් ඒ අමාත්‍යංශවල ලේකම්වරු තමයි ඒවා හදලා ඉදිරිපත් කරන්නේ. අමාත්‍යවරයා ඒක කැබිනට් එකට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවාම මුදල් අමාත්‍යංශය නිර්දේශ කරනවා. ඕක තමයි සාමාන්‍ය දේ. මේක මේ ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැති දෙයක්නේ. කෙසේ නමුත් අධිකරණයට ගෞරව කරලා අපි දන්න දේ කියන්න බලාපොරොත්තු වෙනවා”.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *