BREAKING NEWS
Search

ඔබත් කොන්ඩේ පාට කරනවද ? එහෙනම් ඔබත් අවධානමේ. වැටලීමකදී හමු වූ දේ මෙන්න

525

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගෙන තිබේ.

ඒ , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ වැටලීමකදී ය.

ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොල තුළ අලෙවි කළ තුන්දෙනෙකු ද එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සොයා ගත් ව්‍යාජ  හිසකෙස් ආලේපන ඇසුරුම් රාජසන්තක කර විනාශ කරන්නැයි අධිකරණය නියෝග කර  තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙසයි.

වෙළෙඳපොලේ භාණ්ඩ පිළිබඳ ගැටලුවක් ඇත්නම් 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන්නැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *